
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක, වෙළෙඳ, කලාපීය සන්නිවේදනය සහ සංස්කෘතික උරුමයන් යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පවතින ‘සමස්ත උපායමාර්ගික හවුල්කාරිත්වය’ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාව බලා පැමිණීමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝගේ විශේෂ ආරාධනයකට අනුව සිදු කෙරෙන මෙම සංචාරය, 2018 වසරේදී දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට පත් කිරීමෙන් පසු අගමැති මෝදි ඉන්දුනීසියාවේ සිදු කරන පළමු ද්විපාර්ශ්වික සංචාරය වෙයි.
මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළ ආර්ථික සහයෝගිතාව, සමුද්‍රීය ආරක්ෂාව, ඩිජිටල් පරිවර්තනය, ආයෝජන, කලාපීය ස්ථාවරත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස අගමැති මෝදි ජාවා දූපතේ පිහිටි යොග්යාකර්තා නගරයේ සංචාරය කිරීමට නියමිත අතර, එහිදී ඔහු යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඓතිහාසික ප්‍රම්බනාන් හින්දු කෝවිල නැරඹීමට ද එක් වේ.
ඉන්දුනීසියාවේ ‘අන්තාරා’ පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, මෙම ඓතිහාසික කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය හිමිවන බවයි.
පසුගිය වසරේදී දෙරටේ රජයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද එකඟතාවක් මත මෙය ක්‍රියාත්මක වන අතර, එමඟින් දෙරට අතර පවතින ශතවර්ෂ ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය සබඳතා මැනවින් පිළිඹිබු වේ.
‘අන්තාරා’ පුවත් සේවයට අනුව, ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. විශේෂයෙන්ම, ඉන්දියාවේ නිෂ්පාදිත ‘බ්‍රහ්මෝස්’ (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල පද්ධතිය ඉන්දුනීසියාව විසින් මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබඳව දැනට පවතින සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට නියමිතය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා තවමත් පවතින මට්ටමේ පවතින බැවින් සංචාරය අතරතුර නිල ගිවිසුමකට අත්සන් තබනු ඇතැයි නිලධාරීන් මෙතෙක් ඉඟි කර නොමැත.
මෙම සංචාරය මඟින් උපායමාර්ගික, ආර්ථික සහ සංස්කෘතික ප්‍රමුඛතා ඔස්සේ ඉන්දියා-ඉන්දුනීසියා සහයෝගිතාව වඩාත් තහවුරු වන අතරම, ස්ථාවර, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් උදෙසා දෙරටේම ඇති පොදු දැක්ම තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart