
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන කරළියේ ප්‍රතිපත්තිමය වශයෙන් අහසට පොළොව වගේ පරස්පර විරෝධී කඳවුරු දෙකක ඉන්න ප්‍රබල දේශපාලනඥයෝ දෙන්නෙක් පසුගියදා දේශපාලන වේදිකාවෙන් පිටතදී හරි අපූරු විදිහට මුහුණට මුහුණ හමුවෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා.
මේ හමුවීම සිද්ධ වෙලා තියෙන්නේ හම්බන්තොට පිහිටි ඓතිහාසික නෙල්ලිගල විහාරස්ථානයේ පැවැත්වුණු ආගමික උත්සවයකදීයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මේ උත්සවය සඳහා විශේෂ ආරාධනාවක් ලැබිලා තිබුණා.
ඔන්න ඉතින් නාමල් රාජපක්ෂ උත්සව සභාවට පැමිණෙන විට, එතැනට පැමිණ සිටි තවත් සුවිශේෂී ආරාධිත අමුත්තෙක්ව ඔහුගේ ඇස ගැටී තිබෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති යි.
දේශපාලන වශයෙන් දැඩි විවේචන එල්ල කරගන්නා ප්‍රතිවාදීන් වුවත්, ආගමික පරිශ්‍රය තුළදී මේ දෙන්නා ඉතාමත් සුහදශීලීව කතාබහ කරනු දක්නට ලැබුණු බව එතැන සිටි පිරිස් පවසනවා. ඔවුන් දෙදෙනා දේශපාලනයෙන් බැහැරව පෞද්ගලික තොරතුරු සහ පොදු කරුණු කිහිපයක් ගැන විනාඩි කිහිපයක් සුහදව පිළිසඳරක යෙදී තිබෙනවා.
මේ කතාබහ අතරතුර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නාමල් රාජපක්ෂගෙන් ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද විශේෂයෙන් විමසා සිටීමට අමතක කර නැහැ. ඊට පිළිතුරු දෙමින් නාමල් පවසා ඇත්තේ තමන්ගේ පියා මේ දිනවල ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
මඩ දේශපාලනය අස්සේ මෙවැනි සුහද හමුවීම් දකින්න ලැබීමත් ඉතින් සෝෂල් මීඩියාවලට හොඳ මාතෘකාවක්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart