
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන ලෝකයෙන් මෙන්න තවත් උණුසුම් වගේම අමුතුම ආරංචියක් ලැබෙනවා. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා හදිසියේම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නිවසට ගිය පුවතක් ගැනයි.
මේ හදිසි හමුවීමට හේතුව වෙලා තියෙන්නේ විජයදාස රාජපක්ෂගේ පුත්‍රයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීමයි. පුතා හිරේ වැටුණු වෙලාවේ විජයදාසගේ දුක සැප හොයලා බලන්න රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ තවත් ප්‍රබලයන් කිහිපදෙනකුත් එක්කම එතැනට ගිහින් තිබුණා.
හැබැයි මේ ගමනේදී රනිල් එතන හිටපු අයට අපූරු කතාවක් කියලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ දිනවල ලොකුවටම කතාබහට ලක්වුණු පාතාල කල්ලි නායක ‘හරක් කටා’ (නදුන් චින්තක වික්‍රමරත්න) තමන්ගේ ජනාධිපති ධුර කාලයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගත්තේ නිසි නීතිමය පියවර අනුගමනය කරලා කියලා රනිල් මතක් කරලා තිබුණා. “ඒකට කාටවත් ඇඟිලි ගහන්න බැහැ, මොකද එතකොට ආරක්ෂක ඇමති විදිහට හැම ලියකියවිල්ලක්ම මගේ අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරලයි තිබුණේ,” කියලා රනිල් කියලා තියෙනවා.
ඒ වගේම, හරක් කටාව බේරගන්න විජයදාස රාජපක්ෂ අනිසි ලෙස මැදිහත් වුණා කියන චෝදනාවත් රනිල් ප්‍රතික්ෂේප කරලා තිබුණා. රජයේ භාරයේ ඉන්න කෙනෙක්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලීමක් කිරීම මානව හිමිකම්වලට සහ රජයේ වගකීමට එකඟයි මිසක්, ඒක වැරැද්දක් නෙවෙයි කියලයි රනිල් විජයදාසව ‘ශේප්’ කරලා තියෙන්නේ.
හැබැයි කතාව එතනින් ඉවර නැහැ. අල්ලස් කොමිසම මේ සතියේ උසාවියට කියලා තියෙන්නේ මේ සිද්ධිය (නඩුවකට බලපෑම් කරන්න සල්ලි ඉල්ලූ බව කියන සිද්ධිය) වෙන කාලසීමාවේදී විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පුතා දෙන්නම ඩුබායිවල ඉඳලා තියෙනවා කියලායි. ඒ නිසා දැන් විජයදාස රාජපක්ෂ ගැනත් පරීක්ෂණයක් පටන් අරන්. රහස් පරීක්ෂකයෝ දැන් හොයන්නේ තාත්තයි පුතයි දෙන්නම එකම වෙලාවක ඩුබායි ගියේ ඇයි සහ මේ කියන සල්ලි ගනුදෙනුවලට ඔවුන්ගේ ඩුබායි ගමන සම්බන්ධද කියලායි.
කොහොම වුණත්, පුතා අල්ලස් කොටුවට අහුවෙලා ඉන්න වෙලාවේ රනිල් විජයදාසව බලන්න ගිය එක නම් දේශපාලන කරළියේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart