July 5, 2026

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව සොයමින් සිටි ප්‍රධාන සැකකරුවකු මාලදිවයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත් සැකකරු මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (04) පස්වරුවේ දිවයිනට රැගෙන විත් ඇත.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි තුවක්කුකරුවන්ට ප්‍රවාහන පහසුකම් සපයා දීම සම්බන්ධයෙන් මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සැකකරු, ඉදිරි විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.