July 5, 2026

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට අදාළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ කරුණු කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් හිටපු ඇමැ­ති­ව­ර­යකු වන වින­යා­ග­මූර්ති මුර­ලි­ද­රන් නොහොත් කරුණා අම්මා­න්ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකා­ශ­යක් ලබා­ගෙන තිබෙන බව ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, පිල්ලෙ­යාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අතර පැවති සම්බ­න්ධය ගැනත්, ඔවුන් නැඟෙ­න­හිර පළා­තේදී ඒකා­බ­ද්ධව සිදුකළ කට­යුතු සම්බ­න්ධ­යෙ­නුත් කරුණු රැසක් අනා­ව­ර­ණය කර ඇත.

පිල්ලෙ­යාන්ගේ කණ්ඩා­ය­මට නවා­තැන් පහ­සු­කම් සැප­යී­මේදී සුරේෂ් සලේ විසින් සම්බන්ධ කළ පුද්ග­ල­යන් පහ­සු­කම් සපයා ඇති බවත්, ඒවාට අදාළ මූල්‍ය පහ­සු­කම් සපයා ඇත්තේ ද ඔවුන් විසින් බවත් කරුණා අම්මාන් කරුණු සහි­තව අනා­ව­ර­ණය කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ආරංචි මාර්ග සඳ­හන් කරයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙ­යාන් යන දෙදෙ­නාම හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂට සහ­යෝ­ගය දක්ව­මින් සිටි­යද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝ කාලීන විර­ස­ක­යක් ද පැවති බවට වාර්තා පළ විය.

මේ අතර පිල්ලෙ­යාන් පාර්ශ්වය මඟින් පොළො­න්න­රුව, වැලි­කන්ද ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගිය වධ­කා­ගා­රය සම්බ­න්ධ­යෙන් ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තවත් පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ ලබා­ගෙන ඇති බව සඳ­හන් කරන අදාළ ආරංචි මාර්ග, කොළඹ නග­රය තුළදී ඔවුන්ගේ ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට සහය දුන් පිරි­සක් පිළි­බ­ඳව පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවද පව­සයි.