
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවදිල්ලිය සහ ඉන්දු-පැසිෆික් කලාපය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදි ලබන සඳුදා පළමුවෙන්ම ඉන්දුනීසියාවට පැමිණෙන අතර, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරය ලබන ජූලි 11 වැනිදා නවසීලන්තයෙන් නිමාවට පත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෑතකදී අග්‍රාමාත්‍ය මෝදි මුරුසිය සහ සීෂෙල්ස් යන රටවල සිදුකළ සංචාරයන්ගෙන් පසුව මෙන්ම, ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි මේ සතියේ නවදිල්ලියට පැමිණීමෙන් අනතුරුව, ඉන්දියාවේ අවධානය “ඉන්දියන් සාගරයේ නැගෙනහිර සමුද්‍රීය කලාප සහ අපගේ ‘Act East’ (නැගෙනහිර දෙසට ක්‍රියාත්මක වීම) ප්‍රතිපත්තිය වෙත යොමුවී ඇතැයි” ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රුද්රේන්ද්ර ටැන්ඩන් ප්‍රකාශ කළේය.
මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය මෝදි එම රටවල නායකයන් වන ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ , ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, මෙල්බර්න් නුවරදී ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් හමුවීමට මෙන්ම මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) නැරඹීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇත.
ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවෙකු වන්නේ ඉන්දියාවයි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන විදේශිකයන් අතරින් විශාලතම ප්‍රජාව බවට පත්ව සිටින්නේ එහි වෙසෙන මිලියනයකට අධික ඉන්දීය සම්භවයක් සහිත ජනතාවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart