
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය මව් රට අමතමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකළ ප්‍රධාන දේශනයකදී ශුද්ධෝත්තම ලියෝ පාප්වහන්සේ සංක්‍රමණිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රශංසාවට ලක් කලහ.
එහිදී උන්වහන්සේ අවධාරණය කළේ ඇමෙරිකානු ජනතාව එරට නිදහස් ප්රකාශනයේ අන්තර්ගත උදාර ආදර්ශයන්ට අනුව ජීවත් වීමට වගබලා ගත යුතු බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති මීට පෙර විවේචනය කර තිබූ පාප්වහන්සේ ප්‍රකාශ කළේ, ඇමෙරිකාව අතීතයේ සිටම සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගත් ආකාරය හේතුවෙන් ඇමෙරිකාව යන නාමය ලොව පුරා නිදහසේ සංකේතයක් බවට පත්ව ඇති බවයි.
ෆිලඩෙල්ෆියා හි පිහිටි ජාතික ව්‍යවස්ථාපිත මධ්‍යස්ථානය මඟින් පිරිනමනු ලබන කීර්තිමත් ‘ලිබර්ටි පදක්කම’ ලබා ගන්නා අතරතුර උන්වහන්සේ වතිකානුවේ සිට සජීවීව මෙම දේශනය සිදු කළහ.
ඇමෙරිකාව සිය 250 වන නිදහස් සංවත්සරය සමරන මෙම ඓතිහාසික අවස්ථාවේදී, එරට ආරම්භක පියවරුන් සතු වූ එක්සත්කම, යුක්තිය සහ සාමය වැනි උදාර අරමුණු රටේ ඉදිරි ගමනට මඟ පෙන්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ලියෝ පාප්වහන්සේ එහිදී සඳහන් කළහ.
“මෙම ඓතිහාසික සංවත්සරය, ජාතියේ ආරම්භක මූලධර්ම පිළිබඳව නැවත වරක් ගැඹුරින් සිතා බැලීමට අපට ලැබුණු කදිම අවස්ථාවක්. ඇමෙරිකාවට ‘නිදහස් මිනිසුන්ගේ දේශය සහ නිර්භීතයන්ගේ නිවහන’ යන විරුදාවලිය අත්කර දුන් ඒ උදාර සිහිනය සැමදා අර්ථවත් කිරීමට රටක් ලෙස ඇමෙරිකාව කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
චිකාගෝ නුවර උපන් ලියෝ පාප්වහන්සේ, 2025 මැයි මාසයේදී පාප් ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වී නොමැත. මීට පෙර උන්වහන්සේ ඇමෙරිකාවේ ප්‍රාදේශීය උත්සව කිහිපයක් සඳහා කෙටි වීඩියෝ පණිවිඩ නිකුත් කර තිබුණද, සමස්ත ඇමෙරිකානු ජාතියම අමතා මෙවැනි ප්‍රධාන දේශනයක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
සංක්‍රමණිකයන්ට කුරිරු සහ දැඩි ලෙස සලකන ලෝක නායකයන් ඉදිරියේදී ඉතිහාසය විසින් දැඩි ලෙස හෙළා දකිනු ඇතැයි පාප්වහන්සේ පසුගිය මාසයේදී ද ප්‍රකාශ කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart