
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැමිණි වන අලියකු විසින් ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ නිවසට දැඩි ලෙස හානිකර තිබේ.
කුපිත වී තම නිවස දෙසට කඩාවැදුණු මෙම වන අලියා නිවසේ බිත්ති කඩා බිඳදමා විනාශ කළ බව වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය.
සිද්ධිය සැලවීමත් සමඟ ඔහුගේ ඥාතීන් වහා එම ස්ථානයට පැමිණ, විනාශ වූ නිවසේ සුන්බුන් ඉවත් කර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.
මෙරට ප්‍රදේශ රැසක පවතින අලි-මිනිස් ගැටුම ඉතා බරපතළ ගැටලුවක් බව පෙන්වාදුන් වන්නිල ඇත්තන්, ඊට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
“දඹාන සහ අවට ගම්මානවල වන අලි තර්ජනය දැන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. අලි වෙඩි නිකුත් කිරීම මුදල් නාස්තියක් විතරයි. ගම් වදින අලි රංචු දැන් අලි වෙඩිවලට බය නැහැ. උන් දැන් ඒවට හුරු වෙලා,” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart