July 4, 2026

අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිදුකළ බව කියන පහරදීමකින් 29 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ බිම්පොකුණ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පහරදීමෙන් පසු අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වින්දිත කාන්තාවගේ සැමියා බවට සැකකෙරෙන පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.