
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල ගණන් පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයන් වෙත සෘජුවම ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව, සියලුම කාණ්ඩවල ගෘහස්ථ ගෑස් සිලින්ඩරයන්හි මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇති අතර, මෙම මිල සංශෝධනය අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
මෙම මිල අඩු කිරීම යටතේ වැඩිම ඉල්ලුමක් පවතින කිලෝග්‍රෑම් 12.5ක පොදු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇත.
ඒ අනුව රුපියල් 4,765ක්ව පැවති එහි නව මිල රුපියල් 4,465ක් දක්වා පහත වැටෙනු ඇත.
මීට අමතරව, මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා ප්‍රමාණයේ සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ටද මෙමගින් සහනයක් හිමිව තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,792ක් වෙයි.
එමෙන්ම, වෙළෙඳපොළේ පවතින කුඩාම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරය වන කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇත.
ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනයන්ට සාපේක්ෂව මෙරට ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart