July 3, 2026

හොරගොල්ල ජාතික උද්‍යානයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව, බස්නාහිර කලාප කාර්යාලයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් පසුගිය 01 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටළීමකදී ඇත්දළ කොටස් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී පහත නඩු භාණ්ඩ සොයාගෙන තිබේ:

– ඇත්දළ කොටසක්
– ඇත්දළවලින් නිර්මාණය කරන ලද මුදුවක්
– ඇතෙකුගේ රුව සහිත පෙන්ඩන්ට් ආභරණයක්

පොලිස් විමර්ශනවලට අනුව මොහු කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම ඇත්දළ කොටස් ඔහු සතු වූයේ කෙසේද සහ ඒවා ලබාගත් ආකාරය පිළිබඳව වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.