
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වී මාස හතරකට වැඩි කාලයකට පසු, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින කිහිපයක රාජ්‍ය ශෝක කාලයක් සහ අවමංගල්‍ය පෙරහැර මාලාවක් ඉරාන බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
ලබන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මෂාද් නුවරදී දේහය මිහිදන් කිරීමට නියමිත අතර, ඊට පෙර සිකුරාදා සිට ටෙහෙරාන් නුවරදී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය.
“සියවසේ අවමංගල්‍යය” ලෙස නම් කර ඇති මෙම අවස්ථාව සඳහා මිලියන 12ත් 20ත් අතර ජනකායක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීහු අපේක්ෂා කරති.
මෙම අවමංගල්‍ය උත්සව මාලාව පැවැත්වෙන්නේ පසුගිය ජුනි මාසයේදී ඉරානය සහ ඇමෙරිකාව අතර ඇති කරගත් මූලික එකඟතාවකට අනුව, දෙපාර්ශවය අතර පැවති ගැටුම් තාවකාලිකව නතර කර ඇති පසුබිමකය. දින හයක් පුරා පැවැත්වෙන මෙම විශේෂ අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර සෙනසුරාදා උදෑසන 06:00 ට ටෙහෙරානයේ ඉමාම් කමේනි මොසල්ලාහිදී ආරම්භ වේ. එහිදී ඉරිදා පස්වරුව වන තෙක් ජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමි වේ.
සෙනසුරාදා ටෙහෙරාන් නුවර පැවැත්වෙන නිල අවමංගල්‍ය උත්සවයේ මෙහෙයවීම් කටයුතු ටෙහෙරානය කේන්ද්‍ර කරගත් මොහොමඩ් රසුලුල්ලා බලකාය විසින් සිදු කරනු ලබයි.
එම බලකායේ අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ප්‍රකාශ කළේ, කමේනිගේ දේහය රැගත් අලංකාරවත් මංජුසාව උස් වේදිකාවක තැන්පත් කෙරෙන බවයි.
එමෙන්ම, පැමිණෙන ජනතාවට විනාඩි 15ත් 20ත් අතර කෙටි කාලයකින් දේහය වෙත ළඟා වී, අවසන් ගෞරව දක්වා බාධාවකින් තොරව පිටව යා හැකි වන පරිදි විශේෂ ආරක්ෂිත පිවිසුම් මාර්ග සකස් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart