
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ අපයෝජන හා සූරාකෑමට ලක්වූ දරුවන් 46,000කට ආසන්න පිරිසකට තවමත් යුක්තිය ඉටු වී නොමැති බවත්, ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට රජය වහා පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වීම පිළිබඳව ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, වින්දිතයන් බහුතරයකට තමන්ගේ ළමා කාලය තුළදී යුක්තිය ඉටු නොවන බව පෙන්වා දුන්නේය. එම නිසා ඔවුන්ට නිසි සහනයක් ලබා දීමට කඩිනම් පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.
ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, 2019 වසරේදී ආරම්භ කරන ලද මෙම ප්‍රතිපත්තිය 2025 වසර වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, රජය විසින් එය 2029 වසර දක්වා කල් දමා ඇති බව සඳහන් කළේය. 2024 වසරේදී ලබා දුන් පොරොන්දු මෙලෙස කල් දැමීම දරුවන්ට කරනු ලබන බරපතළ අසාධාරණයක් බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, මෙම ප්‍රතිපත්තිය මෙතෙක් ප්‍රමාද නොකර මෙම වසරේදීම ක්‍රියාත්මක කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බවද පැවසීය.
දැනට අධිකරණය හමුවේ නඩු 4,000ක් පමණ විභාග වෙමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා, එම නඩු විභාග කඩිනම් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
මෙම පැමිණිලි 46,000ට අදාළ පරීක්ෂණ කඩිනම් කර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා යටතේ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවත්, මෙම ගැටලුව දේශපාලනීකරණය නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගන්නා සෑම උත්සාහයකටම තමා සහ සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart