
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීනි අඩංගු දියර ආහාර නිෂ්පාදන සඳහා වන වර්ණ කේත ලේබල් කිරීමේ රෙගුලාසිවලට සංශෝධන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් මෙම සංශෝධන නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 වැනි දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇත.
නව සංශෝධනවලට අනුව, සීනි මට්ටම් සහිත දියර ආහාර ඇසුරුම්වල ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් (කහ) සහ කොළ වර්ණ ලාංඡන සැලසුම් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.
මුද්‍රණය කළ හැකි ඉඩකඩ සීමිත වීදුරු බෝතල් සඳහා භාවිතා කළ හැකි විකල්ප ලාංඡනයක් ද මෙම සංශෝධන මඟින් හඳුන්වා දී ඇත.
මීට අමතරව, ‘ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වන ආහාර නිෂ්පාදන’ (business to business food products) සඳහා නව අර්ථ දැක්වීමක් හඳුන්වා දී ඇති අතර, ඉන් අදහස් වන්නේ සෘජු පරිභෝජනය සඳහා පාරිභෝගිකයා වෙත සෘජුවම අලෙවි නොකරන, නමුත් වැඩිදුර ආහාර සැකසීම, සූදානම් කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර නිෂ්පාදන වේ.
සංශෝධිත රෙගුලාසිවලට අනුව:
* මිලිලීටර 100කට සීනි ග්‍රෑම් 8.0කට වඩා අඩංගු බීම වර්ග සඳහා ‘රතු ලේබලයක්’ ද,
* මිලිලීටර 100කට සීනි ග්‍රෑම් 2.5ත් 8.0ත් අතර අඩංගු බීම වර්ග සඳහා ‘ඇම්බර් (කහ)’ ලේබලයක් ද,
* මිලිලීටර 100කට සීනි ග්‍රෑම් 2.5කට වඩා අඩු බීම වර්ග සඳහා කොළ ලේබලයක් ද ප්‍රදර්ශනය කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart