
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට මුදල් ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථාපිත සමාලෝචනය, රුපියලේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමටත්, ගෘහස්ථ ඉතුරුම් ආරක්ෂා කිරීමට සහ අනාගතයේදී ඇති විය හැකි ගෙවුම් ශේෂ අර්බුද වළක්වා ගැනීමටත් ලැබෙන තීරණාත්මක අවස්ථාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ අනුව, දැනට පවතින 5% ක මධ්‍යකාලීන උද්ධමන ඉලක්කය 2%-3% දක්වා පහත හෙළන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ද වන අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ, 2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුමේ සමාලෝචනයට පෙර රජය ඒ සඳහා අවශ්‍ය සූදානම ආරම්භ කළ යුතු බවයි.
වත්මන් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මධ්‍යකාලීන කාර්තුවක ප්‍රධාන උද්ධමනය 5% මට්ටමක පවත්වා ගැනීමට ඉලක්ක කර ඇත.
පවතින මෙම ක්‍රමවේදය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ස්ථාපිත කරන ලද්දකි.
පසුව 2023 ඔක්තෝබර් 5 වැනිදා එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් අතර අත්සන් තැබුණු ගිවිසුමක් මඟින් එය නිල වශයෙන් බලාත්මක කෙරිණි. පවතින නීතියට අනුව, උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ අනෙකුත් පරාසයන් සෑම වසර තුනකට වරක්ම සමාලෝචනය කළ යුතු අතර, ඒ අනුව මීළඟ සමාලෝචනය 2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart