
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහනය රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීම පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. එම ණය මුදල් නිසි ලෙස පියවීමට නොහැකි වුවහොත් ජනතාවගේ බත් මුට්ටිය පවා රැගෙන යාමට රජය කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසීය:
“පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කිසිවෙකුගේ විරෝධයක් නැහැ, ඒවා කළ යුතුමයි. බාල ගල් අඟුරු ගෙන්වීම, ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගැනීම සහ දේශීය ගොවියාගේ වී අස්වනු නෙළන කාලයේදීම පිටරටින් හාල් ආනයනය කිරීමට හේතු වූ කරුණු පිළිබඳව වහාම සෙවිය යුතුයි. එමෙන්ම වරායෙන් අතුරුදන් වූ කන්ටේනර් 323 පිළිබඳව ද සොයා බැලිය යුතුයි.
හැබැයි මේවා සොයන ගමන්ම, වත්මන් ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලටත් රජය පිළිතුරු දිය යුතුයි. රටේ ජනතාවගේ ජීවන වියදම දරාගත හැකි මට්ටමකට පත් කිරීමට රජයට ඇති වැඩපිළිවෙළ කුමක්ද? බාල ගල් අඟුරු සහ වැඩි මිලට තෙල් ගැනීම නිසා දිනෙන් දින විදුලි බිල, පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යමින් පවතිනවා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම ජනතාවට තවදුරටත් දරාගත නොහැකියි.”
රජයේ සහන සැලසීමේ ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, “ආණ්ඩුව මේවාට සහනයක් දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. ඔවුන්ට දිය හැකි උපරිම සහනය රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීමයි. නිකන් හරි ඒ ණය ගෙවන්න බැරි වුණොත් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා හොඳට පුරුදුයි. බලයට ආවේ ලක්ෂ 12කට කාර් දෙනවා, පෝසත් රටක් හදනවා කියලා වුණත්, දැන් අන්තිමට ගමේ අහිංසක ජනතාවගේ බත් මුට්ටියටම වැඩේ දෙන්නයි හදන්නේ. මේ ආණ්ඩුවට කිසිදු සැලැස්මක් හෝ නිසි වැඩපිළිවෙළක් නැහැ” යනුවෙන් ද පවසා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart