
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවසීලන්තය සමඟ දැනට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසානයේ තමන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් සහ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බෙන් ස්ටෝක්ස් නිවේදනය කර තිබේ.
35 හැවිරිදි මෙම තුන්ඉරියව් ක්‍රීඩකයා, ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව සිය එංගලන්ත ක්‍රිකට් දිවියට තිත තබනු ඇත.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන අවසන් තරගයේ සිව්වැනි දිනයේදී, ස්ටෝක්ස් පන්දු යවමින් සිටි අතරතුරදීය.
2011 වසරේදී එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි ස්ටෝක්ස්, සිය ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2013/14 ඕස්ට්‍රේලියාවට එරෙහි අළුබඳුන තරගාවලියේදීය.
ඔහු 2022 අප්‍රේල් මාසයේ සිට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරීය.
ලන්ඩන් රාත්‍රී සමාජශාලාවක සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයක් හේතුවෙන් මේ මස මුලදී නවසීලන්තයට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගය ඔහුට අහිමි වූ අතර, ඉන් අනතුරුව ඔහුගේ අනාගතය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවිය.
කෙසේවෙතත්, තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීම සඳහා ඔහු නැවත පැමිණි අතර, සිව්වැනි දිනයේ තරගය ආරම්භ වීමට පෙර ඔහු සිය තීරණය කණ්ඩායමේ සගයන්ට දැනුම් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart