
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුරෝපය පුරා හමා යන දැඩි උණුසුම් රැල්ල (Heatwave) හේතුවෙන් ප්‍රංශය තුළ පමණක් සාමාන්‍ය මට්ටමට වඩා වැඩිපුර මරණ 1,000ක් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය ඉරිදා ප්‍රකාශ කළේය. එසේම සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් ඉහළ යා හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.
මෙම අතිරේක මරණ පිළිබඳ මූලික ගණනය කිරීම් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මියගිය පිරිසෙන් බහුතරය වයස්ගත පුද්ගලයන් බවයි. වැඩිහිටි නිවාස සහ නිවෙස් තුළ සිදුවූ මරණ පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබෙත්ම මෙම මරණ අනුපාතය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාර්තා බිඳදමමින්, විදුලි ජනන කටයුතුවලට බාධා පමුණුවමින් සහ යටිතල පහසුකම්වලට හානි කරමින් යුරෝපය පුරා ඇවිළෙන මෙම දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් දැනටමත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විද්‍යාඥයන් පවසන පරිදි, ජුනි 20 වැනිදා ආරම්භ වූ මෙම උණුසුම් රැල්ල යුරෝපා ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම කාලගුණික තත්ත්වයයි. ගෝලීය සාමාන්‍ය අගයට වඩා වේගයෙන් යුරෝපයේ දේශගුණය වෙනස් වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වාදෙති.
මේ වන විට මෙම උණුසුම් රැල්ල නැගෙනහිර දෙසට ගමන් කරමින් පවතී. ප්‍රංශයේ බොහෝ ප්‍රදේශවල අධික උණුසුම තරමක් අඩු වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන නමුත්, ඊසානදිග ප්‍රදේශ කිහිපයක් සඳහා තවමත් උණුසුම් රැල්ල පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ස්ටෙෆනි රිස්ට් ‘ලා ට්‍රිබියුන්’ පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, කාලගුණය සාමාන්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුව වුව ද මෙම උණුසුම් රැල්ලේ බලපෑම තවත් දින 10ක් දක්වා පැවතිය හැකි බවයි. “මේ දරුණු තත්ත්වය තවම අවසන් වී නැහැ,” යැයි ඇය BFM නාලිකාවට ද පවසා තිබිණි.
මහජන සෞඛ්‍ය ආයතනය සඳහන් කරන්නේ මියගිය පිරිසෙන් බහුතරය වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් වුව ද, මෙම අධික උණුසුම හේතුවෙන් ඇති වන සෞඛ්‍ය ගැටලු සමාජයේ සියලුම වයස් කාණ්ඩවල ජනතාවට එකලෙස බලපාන බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart