
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු සමාගම් ඉලක්ක කරගනිමින් ‘ඩිජිටල් සේවා බද්දක්’ හඳුන්වාදෙන ඕනෑම රටකින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, යුරෝපීය රටවල් කිහිපයක්ම ඇමෙරිකානු සමාගම් මත ඩිජිටල් සේවා බද්දක් කඩිනමින් පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත්, සමහර රටවල් එම පියවර ගැනීමට ඉතා ආසන්නව සිටින බවත්ය.
එවැනි බද්දක් පනවන ඕනෑම රටකට, එක්සත් ජනපදය වෙත අපනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා “එසැණින්ම 100%ක තීරුබද්දකට” මුහුණ දීමට සිදුවන බවට ඔහු අනතුරු අඟවයි.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ රට මෙම බද්ද ක්‍රියාත්මක කළහොත්, මෙම 100%ක තීරුබද්ද දැනට පවතින හෝ ඉදිරියේදී ඇති කරගන්නා ඕනෑම වෙළඳ ගිවිසුමකට වඩා ඉහළින් බලපැවැත්වෙන අතර එය වහාම ක්‍රියාත්මක වන බවයි.
බොහෝ රටවල් විසින් අනුගමනය කරන හෝ යෝජනා කරන ඩිජිටල් සේවා බදු මගින් ප්‍රධාන ඇමෙරිකානු තාක්ෂණික සමාගම් අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බව පවසමින් එක්සත් ජනපදය ඊට දිගින් දිගටම විරෝධය පළ කරන පසුබිමක මෙම අනතුරු ඇඟවීම පැමිණ තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවද මෙරට ලියාපදිංචි නොවන විදේශීය සමාගම් මගින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා ජූලි 1 වැනිදා සිට 18%ක වැට් (VAT) බද්දක් හඳුන්වාදීමට නියමිතය.
කෙසේවෙතත්, ට්‍රම්ප් විසින් සඳහන් කරන ලද ඩිජිටල් සේවා බදු මෙන් නොව, ශ්‍රී ලංකාවේ මෙම පියවර විශාල ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වල ආදායම ඉලක්ක කරගත් වෙනම බද්දක් නොවන අතර, එය දේශීයව පරිභෝජනය කරනු ලබන විදේශීය ඩිජිටල් සේවාවන් මත පනවනු ලබන වැට් බද්දක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart