
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය රාජකීය පවුල කියන්නේ හැමතිස්සෙම ලෝකයේම අවධානය දිනාගන්නා, කුතුහලයෙන් පිරුණු තැනක්නේ. හැබැයි මෙන්න ඉතිහාසයේ පළමු වතාවට, බ්‍රිතාන්‍ය මහජනතාව විතරක් නෙවෙයි මුළු ලෝකයම මවිත කරවන විදියේ අමුතුම රහසක් බකිංහැම් මාලිගාව විසින් නිල වශයෙන්ම හෙළි කරලා තියෙනවා. ඒ තමයි චාල්ස් රජු සහ විලියම් කුමාරයා තමන්ගේ පෞද්ගලික ආදායම් වෙනුවෙන් රජයට කොච්චර බදු මුදලක් ගෙවනවාද කියන එක.
මෙහෙම තමන්ගේ බදු විස්තර ප්‍රසිද්ධියට පත් කරපු ඉතිහාසයේ පළමු වැනි රජතුමා බවට චාල්ස් රජු පත්වෙලා තියෙනවා. වාර්තාවලට අනුව, 2024-2025 කාලසීමාව වෙනුවෙන් විතරක් චාල්ස් රජු පවුම් මිලියන 12.9ක (රුපියල් බිලියන ගණනක) දැවැන්ත බදු මුදලක් ගෙවලා තියෙනවා. මේ තරම් ලොකු බදු මුදලක් ගෙවීම නිසා එතුමා බ්‍රිතාන්‍යයේ වැඩිම බදු ගෙවන පුද්ගලයන් 100 දෙනා අතරටම ඇතුළත් වෙලා ඉවරයි.
රජතුමා විතරක් නෙවෙයි, ඔටුන්න හිමි විලියම් කුමාරයා පවා තමන් ඒ කාල සීමාව ඇතුළත පවුම් මිලියන 7.76ක බදු මුදලක් ගෙවූ බව ප්‍රසිද්ධ කරලා තියෙනවා. මුලින්ම විලියම් කුමාරයා මේ විස්තර හෙළි කරන්න කැමති වෙලා නැතත්, පස්සේ පියාගේ තීරණයට ගරු කරමින් තමන්ගේ ආදායම් සහ ප්‍රාග්ධන ලාභ බදු විස්තර ප්‍රසිද්ධ කරන්න එකඟ වෙලා තියෙනවා.
ඔයාලට හිතෙන්න පුළුවන් මුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. චාල්ස් රජුට පෞද්ගලික වියදම් සඳහා ‘ඩචි ඔෆ් ලැන්කැස්ටර්’ කියන මහා පරිමාණ ඉඩකඩම් සහ ආයෝජන පද්ධතියෙන් වාර්ෂිකව පවුම් මිලියන 25.2ක විතර ආදායමක් ලැබෙනවා. විලියම් කුමාරයාට ලන්ඩන්හි සුප්‍රසිද්ධ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය පවා අයිති, අක්කර 130,000ක ‘ඩචි ඔෆ් කෝන්වෝල්’ වතුයායෙන් විශාල ආදායමක් ලැබෙනවා. මේ දෙන්නම තමන්ගේ ශුද්ධ ආදායමෙන් ඉහළම ප්‍රතිශතයකින් බදු ගෙවන බවයි මාලිගාව කියන්නේ. 2022 ඉඳන් මේ වෙනකම් තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා බ්‍රිතාන්‍ය රජයට ගෙවලා තියෙන සමස්ත බදු මුදල පවුම් මිලියන 50කටත් වඩා වැඩියිලු.
මේ බදු විස්තර අස්සේ තවත් සුපිරි ගොසිප් එකක් මාලිගාවේ වාර්ෂික ගිණුම් වාර්තාවලින් එළියට ඇවිත් තියෙනවා. ඒ තමයි චාල්ස් රජු සහ කැමිලා රැජින කවදාවත් බකිංහැම් මාලිගාවේ පදිංචියට යන්නේ නැති කතාව. ඔවුන් දැනට පදිංචි වෙලා ඉන්න ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරයේම දිගටම ජීවත් වෙන්න තීරණය කරලා තියෙනවා.
කොහොම වුණත්, රාජකීය පවුලේ නඩත්තු කටයුතු වෙනුවෙන් රජයෙන් දෙන ‘සොවරින් ග්‍රාන්ට්’ දීමනාව 2027-28 වෙද්දී පවුම් මිලියන 100කට ආසන්න මුදලක් දක්වා වැඩි වෙන්න නියමිත බවත් ආරංචියි.
මේ විදිහට තමන්ගේ පෞද්ගලික බදු විස්තර ලෝකෙටම පෙනෙන්න රිලීස් කළේ රාජකීය පවුලේ විනිවිදභාවය වැඩි කරන්න සහ මහජනතාව වෙනුවෙන් තමන් වගකීම් සහගතව වැඩ කරනවා කියලා පෙන්වන්න රජු සහ කුමාරයා ගත්ත පෞද්ගලික තීරණයක් නිසාලු. සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් තිබුණත්, නීතියට වැඩ කරලා බදු ගෙවන එකේ නම් මේ රාජකීයයෝ ලෝකෙටම ආදර්ශයක් නේද?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart