
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආසන්නයේ ඊයේ රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයක් හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටී දැඩි භීතිකා තත්ත්වයක් හටගෙන ඇති අතර, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් පියවර ගෙන තිබේ.
රික්ටර් මාපකයේ අගය 7.2ක් සහ 7.5ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පා හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Simon Bolivar හි වහලයෙන් කොටසක් කඩා වැටී ඇති අතර, එහි යටිතල පහසුකම්වලට සිදුවූ දැඩි අලාභහානි හේතුවෙන් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අන්තර්වාර ජනාධිපතිනිය සඳහන් කළේ, “සියලු දෙනාම සන්සුන්ව සිටින ලෙසත්, මේ මොහොතේ එකමුතුව කටයුතු කරන ලෙසත් අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙනි.
මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි දින කිහිපය සඳහා දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එමෙන්ම, අනතුරට පත් වූවන්ට වහාම සහන සැලසීම සඳහා රටේ සියලුම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ට වහාම රෝහල් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපතිනිය දැනුම් දී ඇත.
මෙම ව්‍යසනයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නිල වාර්තා පවසයි.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීන් බිය පළ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart