
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක වෛද්‍යවරයා වෙනුවට එහි සේවකයකු ලවා බෙල්ලේ තෙල් ගා මසාජ් කරවා ගැනීමට ගිය වයෝවෘද්ධ මවකගේ සුෂුම්නාවට බරපතළ හානි සිදුවීමෙන් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල, දන්ගම වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුරු ගෙදර රම්මැණිකා නමැති 76 හැවිරිදි තිදරු මවකි. ඇය මෑතක් වනතුරු සිය මිනිබිරියගේ රැකවරණය ලබමින් ජීවත්ව ඇත.
පොලිස් විමර්ශනවලට අනුව සිද්ධිය සැකෙවින් මෙසේය; මියගිය මව සිය බෙල්ලේ හටගත් උලුක්කුවකට තෙල් ගා ගැනීම සඳහා පසුගිය 14 වැනිදා පෙරවරුවේ සිය මිනිබිරිය සමඟ මාවනැල්ල නගරය ආසන්නයේ පිහිටි අදාළ ආයුර්වේද මධ්‍යස්ථානය වෙත ගොස් තිබේ. එම අවස්ථාවේදී එහි වෛද්‍යවරයා නොසිට ඇති අතර, ඒ වෙනුවට එහි සිටි සේවකයෙකු විසින් මෙම මවගේ බෙල්ලේ තෙල් ගා ඇත. අනතුරුව ඔහු ඇගේ නිකටෙන් අල්ලා හිස ඉහළ පහළට සහ දෙපසට තදින් හරවා තිබේ.
එම අවස්ථාවේ අසනීප වී ඇති මෙම වයෝවෘද්ධ මව, අනතුරුව දරුවන් විසින් 15 වැනිදා ඇයව නැවත එම මධ්‍යස්ථානයට රැගෙන ගියද, එහි සිටි වෛද්‍යවරයා ඇයව වහාම කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලට ඇතුළත් කරන ලෙස දන්වා ඇත.
ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය රෝගියාගේ තත්ත්වය බරපතළ බැවින් වහාම ඇයව කෑගල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත. එහිදී වෛද්‍යවරුන් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සේවකයා බෙල්ල හැරවීමේදී ඇගේ සුෂුම්නාවට හානි සිදුව ඇති බවයි. එහි නේවාසිකව දැඩි සත්කාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 22 වැනිදා පෙරවරුවේ මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් 23 වැනිදා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුරේඛා විමලවීර රෝහලට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ.
අදාළ ආයුර්වේද මධ්‍යස්ථානයේ සේවකයා මේ වන විට මාවනැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(උපුටාගැනීම – දිනමිණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart