June 24, 2026

ඇටම්පිටිය පොලිස් බලප්‍රදේශය තුළදී අතුරුදන්ව ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණියක සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.

පොලිසිය සඳහන් කළේ, සිය දියණිය අතුරුදන්ව ඇති බවට හාලිඇල ප්‍රදේශයේ පදිංචි ඇගේ මව විසින් පසුගිය මාර්තු මාසයේදී ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.

ඒ අනුව, ඇටම්පිටිය පොලිසිය විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ කරුණු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද වාර්තා කර තිබේ.

19 වැනි වියේ පසු වූ මෙම තරුණිය උසින් අඩි 5යි අඟල් 6ක් පමණ වන අතර, සාමාන්‍ය සිරුරකින් යුක්ත වේ. ඇගේ හිසකෙස් උරහිස මට්ටමට කපා ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණිය පිළිබඳව කිසියම් හෝ තොරතුරක් දන්නේ නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත 071‑8591528 ඔස්සේ හෝ ඇටම්පිටිය පොලිස් ස්ථානයේ 055‑2294965 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.