
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළසිරුරක් හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට, පළායෑමට සහ සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට සැකපිට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, නුවරඑළිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කුණ්ඩසාලය ප්‍රදේශයට ගොස් අද (24) දින මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සහකාර පොලිස් අධිකාරීවරයාට අනුව, මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් රියදුරාගේ සමීප මිතුරෙකි.
ප්‍රධාන සැකකරුගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම රියදුරා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඔහුව මෙසේ පොලිස් භාරයට ගැනීමට හැකිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart