
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා සිටින සියලුම ග්‍රාම නිලධාරීවරුන් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.
අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ ප්‍රකාශ කළේ, තමන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා බලධාරීන් විසඳුම්ලබා නොදුන්නහොත්, එළඹෙන ජුනි මස 30 වැනිදා සේවයට වාර්තා නොකර ‘ලෙඩ නිවාඩු’ දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
තමන් වසර කිහිපයක සිටම ඉල්ලා සිටින, ගමන් වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය.
ග්‍රාම නිලධාරීවරුන්ට සිය නිල රාජකාරි කටයුතු කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටුකිරීම සඳහා අවශ්‍ය වන පහසුකම් සහ දීමනා ලබාදීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බව ද වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart