
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වෙසක් උත්සව සමයේ ශ්‍රී ලංකාවේ ඉදිවුණු විශාලතම තොරණ සඳහා භාවිත කරන ලද රුපියල් ලක්ෂ තුනහමාරක් (350,000) පමණ වටිනා විදුලි වයර් තොගයක් සොරකම් කරන ලද පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් කොටු කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සමත්ව තිබේ.
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
කළුතර නගරයේ ඉදිවූ මෙම මහා තොරණේ විදුලි ආලෝකකරණ කටයුතු සිදුකර තිබුණේ පානදුර පිහිටි පෞද්ගලික ආයතනයක් මගිනි.
තොරණ ප්‍රදර්ශනය නිමවීමෙන් අනතුරුව එහි හිමිකරු විසින් වයර් සියල්ල ගලවාගෙන විත් පානදුර නගරයේ පිහිටි සිය නිවසේ ගබඩා කර තබා ඇත.
කෙසේවෙතත්, මෙම වයර් තොගයෙන් කොටසක් දින 4ක් තිස්සේ අතුරුදන් වී ඇති අතර, ඒ පිළිබඳව සැකසිතූ හිමිකරු නිවසේ සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරා පරීක්ෂා කර තිබේ.
එහිදී කිසියම් පුද්ගලයෙකු පැමිණ දින කිහිපයක් තිස්සේ හොර රහසේම මෙම වයර් සොරකම් කරන අයුරු කැමරාවල සටහන්ව තිබී ඇත.
CCTV දර්ශන ඔස්සේ සොරාව හඳුනාගැනීමෙන් පසු, 5 වැනි දිනයේදීත් ඔහු වයර් සොරකම් කිරීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව නිවස අවට රැකසිටීමට නිවැසියන් පියවර ගෙන තිබේ.
එහිදී සුපුරුදු පරිදි සොරකමේ පැමිණි සැකකරු වටකර අල්ලාගත් ප්‍රදේශවාසීන් ඔහුව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart