
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීත්‍යානුකූලව විවාහ වී සිටියදී, එය සඟවා බොරලැස්ගමුව ප්‍රදේශයෙන් රහසිගතව වෙනත් විවාහයක් කරගත් බව කියන බොරලැස්ගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම කොස්තාපල්වරයා ඉකුත් 2022 වසරේදී බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ බණ්ඩාරවෙල විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී නීත්‍යානුකූලව විවාහ වී තිබේ.
කෙසේවෙතත්, එම විවාහය පවතිද්දීම ඔහු විසින් වසර දෙකකට පසු, එනම් 2024 වසරේදී බෝකුන්දර විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වෙමින් බොරලැස්ගමුව ප්‍රදේශයේ වෙනත් කාන්තාවක සමඟ මෙලෙස දෙවන වරටත් විවාහ වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තමා ජීවතුන් අතර සිටියදී තම සැමියා තවත් විවාහයක් කරගෙන ඇති බව දැනගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නීත්‍යානුකූල පළමු බිරිඳ විසින් මේ පිළිබඳව පොලිසියට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය, සැකකාර කොස්තාපල්වරයා නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart