
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 352කට (කෝටි 35කට) අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36කට ආසන්න ප්‍රමාණයක් තම ගමන් මලුවල සඟවාගෙන මෙරටට රැගෙන ආ 18 හැවිරිදි කැනේඩියානු ජාතික තරුණියක කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය ටොරොන්ටෝ නුවර සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් රාත්‍රී 10:40 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇත.
ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද සාමාන්‍ය පරීක්ෂාවන් අතරතුරදී ඇයව සැකපිට ප්‍රශ්න කිරීම්වලට ලක්කර තිබේ.
එහිදී ඇය සතුව තිබූ ගමන් බෑග් දෙකක් සෝදිසි කිරීමේදී, ඒ තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බර කිලෝග්‍රෑම් 35.265ක් වූ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකි වී තිබේ.
මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් සිදු කරන අතර, ඉදිරි විධිමත් විමර්ශන හා ඉදිරි නීතිමය පියවර සඳහා සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart