
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුරයන් සඳහා නව විනිසුරුවරුන් පත්කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත්කළ අතිවිශේෂ ගැසට් නිවේදන කිහිපයක් පිළිබඳ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ සෙංකෝලය උස්සාගෙන ගොස් ගිලදැමුවද අධිකරණ ක්ෂේත්‍රය තුළ නඩු ඇසීමේ වේගය කිසිසේත්ම අඩු නොකරන බවයි.
පසුගිය පාලන සමයන්හිදී මෙන් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ‘ගොට්ට අල්ලන’ පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර සඳහා පත්කිරීමේ දේශපාලන සංස්කෘතිය වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති බවද හර්ෂණ නානායක්කාර මෙහිදී දැඩිව කියාසිටියේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart