
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 102 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ආගමික වැඩසටහනක් මහනුවර, කෙන්ගල්ල ශ්‍රී සීවලී මහා සෑ විහාරස්ථානයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සගභාගී වූ හිටපු ජනාධිපතිවරයාගේ පුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මෙම උත්සවයට සමගාමීව අඩි දහඅටක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම, විහාරස්ථානය වෙත වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සහ දරුවන් සඳහා පොත්පත් බෙදා දීම ද සිදු කෙරුණු බවයි.
තමන් කියූ දේ කළ සහ කළ දේ කියූ එකම ජනාධිපතිවරයා තම දිවංගත පියාණන් බව ද විපක්ෂ නායකවරයා එහිදී අභිමානයෙන් සිහිපත් කළේය.
1977 මැතිවරණයේදී නිවාස ලක්ෂයක් ඉදිකිරීමට දුන් පොරොන්දුව ඉටු කරමින් ඇරඹි ඓතිහාසික ‘ගම් උදාව’ නිවාස වැඩසටහන, පසුව ගෙවතු වගාව, සෞඛ්‍ය සහ ආර්ථික පුනර්ජීවනය වැනි ඒකාබද්ධ මුලපිරීම් සහිත පුළුල් ව්‍යාපෘතියක් දක්වා වර්ධනය වූ ආකාරය ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, මහා සංඝරත්නය අතර ඉංග්‍රීසි භාෂා කුසලතා ශක්තිමත් කිරීමට තම පියාණන් තුළ තිබූ දුරදක්නා නුවණ සිහිපත් කළ විපක්ෂ නායකවරයා ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවධාරණය කළ අතර, වත්මන් සමාජයේ ප්‍රභූ සහ ග්‍රාමීය පාසල් අතර පවතින දැඩි පරතරය ද පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි නවීකරණය කිරීමට රජය අපොහොසත් වී ඇති බවට විවේචනය කළ ඔහු නවීන රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තිකයන් බිහි කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සූදානම් වී නොමැති බවට ද අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart