
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 20ක් (කෝටි දෙකක්) වටිනා ගජමුතු හතරක් රහසිගතව අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු ගජමුතු ද සමඟ අරාව, කරඳගහමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 49, 31 සහ 29 යන වයස්වල පසුවන බිබිල, මාතලේ සහ බකමූණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) හාලිඇළ, උඩවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (22) මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරුවන් කොටුකර ගැනීම සඳහා විශේෂ උපාය දූතයෙකු යොදවා ඇති අතර, එහිදී ගජමුතු බවට සැකකෙරෙන කොටස් හතරක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය පියවර සඳහා අරාව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, ඔවුන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart