
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින තමන්ගේ පුත්‍රයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් යුක්තිය, සාධාරණත්වය සහ දයානුකම්පිත මැදිහත්වීමක් ඉල්ලා ඔහුගේ මව වන ක්ලෝඩියා සලේ විසින් වතිකානුවේ අතිශුද්ධෝත්තම ලියෝ XIV ශුද්ධෝත්තම පාප්වහන්සේ වෙත විශේෂ ආයාචනාත්මක ලිපියක් යොමුකර තිබේ.
නීතිය ඉදිරියේ වරදකරු බව ඔප්පු වීමටත් පෙර, විවිධ පාර්ශ්වයන් සහ ජනමාධ්‍ය මඟින් තම පුත්‍රයාව පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ ලෙස හංවඩු ගසමින් සිදුකරන සදාචාර විරෝධී චරිත ඝාතනය නතර කිරීමට මැදිහත් වන්නැයි ඇය එමඟින් ඉල්ලා සිටින්නීය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් පස්දෙනෙකු යටතේ වසර 35කට අධික කාලයක් කීර්තිමත් හමුදා සේවයක නිරත වූ තම පුත්‍රයා, සිදුකෙරෙන විමර්ශනයක සැකකරුවකු පමණක් බවත්, මෙතෙක් කිසිදු අධිකරණයකින් ඔහු වරදකරු කර නොමැති බවත් ඇය පෙන්වාදෙයි. එසේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව, ඇමරිකාවේ FBI ආයතනය හෝ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) මඟින් සිදු කළ විමර්ශනවලදී ද සුරේෂ් සලේ සැකකරුවකු ලෙස නම්කර නොමැති බව ඇය අවධාරණය කරයි.
කතෝලික පල්ලියේ පූජකවරුන් වන ජූඩ් රොහාන් සිල්වා සහ සිරිල් ගාමිණී ප්‍රනාන්දු යන පියතුමන්ලා විසින් නිරන්තරයෙන් පවත්වනු ලබන ජනමාධ්‍ය හමුවීම් සහ ප්‍රකාශ හේතුවෙන්, අධිකරණ තීන්දුවකට පෙරම මහජනතාව ඉදිරියේ තම පුත්‍රයා වැරදිකරුවකු ලෙස චිත්‍රණය කර ඇති බවට ඇය කනස්සල්ල පළකරයි. මෙම පූජකවරුන්ම නඩුවේ සාක්ෂිකරුවන් වී සිටියදී මෙලෙස ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම යුක්තිධර්මයට පටහැනි බව පවසන ඇය, මේ හේතුවෙන් තම පවුල දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බව පවසයි.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මීට පෙර චෝදනාවලට හා විවේචනවලට ලක්වූ නිලධාරීන්ම අද තම පුත්‍රයාට එරෙහි විමර්ශන මෙහෙයවීම තුළ බරපතළ ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ (Conflict of Interest) පවතින බවත්, රඳවා තබාගෙන සිටින කාලය තුළ තම පුත්‍රයා දැඩි ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්වීම හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එම ලිපියේ සඳහන් වේ.
තමන් පරම්පරාගත දැඩි කතෝලික භක්තිකයකු බව පවසන ක්ලෝඩියා සලේ, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සැබෑ යුක්තිය ඉටුවිය යුතු වුවද, එය මහජන මතය හෝ කටකතා මත නොව ස්වාධීන අධිකරණයක් ඉදිරියේ පමණක් සිදුවිය යුතු බව ප්‍රකාශ කරයි. ඒ අනුව, අධිකරණ ක්‍රියාවලියට සිදුවන දේශපාලන හා මාධ්‍ය බලපෑම් වළක්වා, සාධාරණ නඩු විභාගයක් සඳහා ශ්‍රී ලංකාවේ ආගමික හා රාජ්‍ය නායකයන් දිරිමත් කිරීමට තම සදාචාරාත්මක බලපෑම භාවිත කරන ලෙස ඇය ශුද්ධෝත්තම පියතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart