
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මංගල ඉන්දු–ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කාන්තා ක්‍රිකට් තරඟාවලිය එළඹෙන ජූලි මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙවැනි තරඟාවලියක් මෙරට ක්‍රීඩා ඉතිහාසය තුළ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
මෙම ඓතිහාසික ක්‍රීඩා ඉසව්ව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ විධායක කාරක සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර පවත්වා ඇත.
මීට අමතරව, 2027 වසරේ නේපාලයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියේ සූදානම, රටවල් 8ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි20 (T20I) තරඟාවලිය සහ ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ නිල ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා තමන් ඇතුළු අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart