
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
ගතවූ පැය 24 ක කෙටි කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළේ, රෝගීන් වාර්තා වීම මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මෙරට රෝහල්වල ධාරිතාවය උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.
සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති බරපතළ තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය කන්නන්ගර මෙසේද පැවසීය:
“රෝගීන්ගේ පැමිණීම මේ ආකාරයෙන්ම දිගින් දිගටම සිදුවුවහොත්, ඉදිරියේදී සමස්ත රෝහල් පද්ධතියම සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතිනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart