
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගන් තලේබාන් බලධාරීන් විසින් පාකිස්ථාන භූමිය තුළට රාත්‍රී කාලයේදී ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ප්‍රකාශ කිරීමත් සමඟ, දෙරට අතර පවතින ‘ඩුරන්ඩ් රේඛා’ දේශසීමා කලාපයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම ප්‍රහාරය සත්‍ය වශයෙන්ම සිදුවූවක් බව තහවුරු වුවහොත්, එය 2021 වසරේදී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු පාකිස්ථානයට එරෙහිව දියත් කළ ප්‍රකෝපකාරීම සහ ප්‍රබලම මිලිටරි ක්‍රියාමාර්ගය වනු ඇත.
දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තලේබාන් සංවිධානය පවසන්නේ, ඇෆ්ගනිස්ථානය තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි සන්නද්ධ කල්ලි ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය ස්වයං ආරක්ෂාව උදෙසා දියත් කළ එකක් බවයි.
තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන්ගේ ගුවන් හමුදාව විසින් බලුකිස්ථානයේ ‘කිලා අබ්දුල්ලා’ සහ ‘චාගායි’ යන දිස්ත්‍රික්කවල මෙන්ම, ඛයිබර් පක්තුන්ක්වා හි ‘ඔරක්සායි’ දිස්ත්‍රික්කයේ පිහිටි IS-K සහ අනෙකුත් සන්නද්ධ කල්ලිවල තිප්පොළවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.
ඇතැම් “කුප්‍රකට බුද්ධි අංශවල” සහය ඇතිව ඇෆ්ගන් භූමියට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ස්ථාන භාවිත කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙහිදී තමන්ට අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන ඉලක්ක රැසකට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව පවසන තලේබාන් සංවිධානය, තම රටේ ආරක්ෂාවට එල්ල වන කිසිදු තර්ජනයක් ඉවසන්නේ නැති බවටද අනතුරු අඟවා සිටියි.
කලාපීය විශ්ලේෂකයින් උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ, තලේබාන් සංවිධානයේ මෙම ප්‍රකාශය සත්‍ය වුවහොත් එය දෙරට අතර දැනටමත් බිඳ වැටෙමින් පවතින සබඳතා තවදුරටත් දැඩි අර්බුදයකට ඇද දමන්නක් වනු ඇති බවයි.
පාකිස්ථානය තුළ ප්‍රහාර එල්ල කරන TTP (තෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්ථාන්) ත්‍රස්තවාදීන්ට ඇෆ්ගනිස්ථානය රැකවරණය දෙන බවට ඉස්ලාමාබාද් පාලනය දිගින් දිගටම චෝදනා කරන අතර, තලේබාන් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, පාකිස්ථාන නිලධාරීන් මෙතෙක් මෙම ප්‍රහාර පිළිබඳව නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි. පාකිස්ථාන රජය මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ප්‍රහාරයේ පරිමාණය හෝ ඉන් සිදු වූ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය පුරා පාකිස්ථානය විසින් ඇෆ්ගන් සරණාගතයින් සමූහ වශයෙන් පිටුවහල් කිරීමට පියවර ගැනීම සහ දේශසීමා ආශ්‍රිතව මිලිටරි ක්‍රියාකාරකම් ඉහළ නැංවීම හේතුවෙන් දෙරට අතර පැවතියේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart