
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොලිවුඩයෙන් මෙන්න සුපිරිම ආරම්භක සිනමා ආරංචියක් ලැබිලා තියෙනවා. සිනමා ලෝලීන් දශක ගණනාවක් තිස්සේ ආදරය කරපු පික්සාර් සමාගමේ සුපිරිම චිත්‍රපට මාලාවක් වන ‘Toy Story’ හි 5 වැනි දිගහැරුම (Toy Story 5) පසුගිය ජුනි 19 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළා.
හැමෝම හිතුවේ දැන් සෙල්ලම් බඩුවල කාලේ ඉවරයි, මිනිස්සු ඕක බලන එකක් නැහැ කියලා. හැබැයි අලුත්ම වාර්තා අනුව මේ සෙල්ලම් බඩු ටික එකතු වෙලා 2026 වසරේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම සිනමා ආරම්භය තමන්ගේ සතු කරගෙන මුළු සිනමා ලෝකයම හොල්මන් කරලා තියෙනවා.
පළමු ‘Toy Story’ චිත්‍රපටය රිදී තිරයට ඇවිත් දැන් අවුරුදු 31ක් වෙනවා. හැබැයි තවමත් මේ ආදරණීය චරිතවලට තියෙන ඉල්ලුම නම් බින්දුවක්වත් අඩුවෙලා නැහැ කියලා බොක්ස් ඔෆිස් වාර්තා සාක්ෂි දරනවා.
නිල නොවන වාර්තාවලට අනුව, තිරගත වූ පළමු සති අන්තයේ විතරක් ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 160 ක ටිකට්පත් අලෙවියක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික සිනමා ශාලාවලින් ඩොලර් මිලියන 152 ක් හොයලා තියෙනවා. ඒ කියන්නේ දවස් තුනක් වැනි කෙටි කාලයකදී මේ චිත්‍රපටය ලොව පුරා උපයා ඇති මුළු මුදල ඩොලර් මිලියන 312 ක්.
මේක ‘Toy Story’ ඉතිහාසයේ චිත්‍රපටයක් ලැබූ ඉහළම සති අන්ත ආදායමයි. මීට පෙර 2019 දී ‘Toy Story 4’ තැබූ ඩොලර් මිලියන 120 ක වාර්තාව මෙවර කුඩුපට්ටම් වී තිබෙනවා. එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ සජීවීකරණ (Animated) චිත්‍රපටයක් ලැබූ දෙවැනි ඉහළම ආරම්භය මෙය වන අතර, පළමු ස්ථානයේ පවතින්නේ 2018 දී තිරගත වූ ‘Incredibles 2’ (ඩොලර් මිලියන 182.7) චිත්‍රපටයයි.
චිත්‍රපට විචාරකයින් පවසන්නේ මේ යන විදිහට ‘Toy Story 5’ මේ වසර (2026) අවසන් වන විට ඩොලර් බිලියනය ඉක්මවා ගොස් වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්වීම නියතයක් බවයි.
මීට පෙර තිරගත වූ ‘Toy Story’ චිත්‍රපට හතරම එකතුව ලොව පුරා ඩොලර් බිලියන 3කට වඩා උපයා ඇති අතර, ඔස්කාර් සම්මාන 11ක් සඳහා නිර්දේශ වී සම්මාන 3ක්ම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
චිත්‍රපටය සල්ලි හෙව්වට මොකද, සමහර විචාරකයින් නම් කියන්නේ මේක පික්සාර් සමාගම සල්ලි හම්බකරන්න බලෙන්ම කරපු වැඩක් කියලයි. සුප්‍රසිද්ධ ‘Euronews Culture’ සඟරාව මේ ගැන අපූරු විචාරයක් ලියලා තිබුණා.
ඔවුන් පවසන්නේ මෙන්න මෙහෙම කතාවක්:
“මේ 5 වැනි කොටස කළින් එකට වඩා හොඳයි, ඒ වගේම සුපුරුදු ආකර්ෂණයත් තියෙනවා. හැබැයි මේක හරියට පරණ දෙයක්ම ආයෙත් රීසයිකල් කරලා අපිට දෙනවා වගේ වැඩක්. අපේ ආදරණීය සෙල්ලම් බඩුවලට තව කොච්චර නම් වතාවක් අපි සමුදෙන්නද? මේක නිකන් ප්‍රේක්ෂකයන්ව හැඟීම්බර කරලා සල්ලි ගන්න කරන ‘ස්ටූඩියෝ උගුලක්’ වගේ.”
සිනමා පටයේ එන එක දුක්බර සෙල්ලම් බඩුවක් කියනවා වගේම, ‘දැන් සෙල්ලම් බඩුවල කාලය ඉවරයි’ වගේ හැඟීමක් මේක බලද්දී දැනෙනවා කියලත්, පික්සාර් කලින් නිර්මාණය කරපු ඒ මැජික් එක දැන් ‘Infinity and beyond’ (අනන්තයටම සහ ඉන් එහාට) යන්නේ නැහැ කියලත් ඔවුන් කියනවා.
කොහොම වුණත්, සෙල්ලම් බඩුවල මැජික් එක පරණ වුණත්, ලෝකේ වටේ ඉන්න සිනමාලෝලීන් නම් තවමත් මේ කතාව වැළඳගන්න ලෑස්තියි කියලා මේ බොක්ස් ඔෆිස් වාර්තාවලින් හොඳටම ඔප්පු වෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart