
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ්ට් යන දූපත්වල පදිංචිකරුවන්ට දැනට ඉදිකරමින් පවතින නව දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් හරහා නුදුරේදීම පැය 24 පුරා නොකඩවා විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
දීර්ඝ කාලයක සිට මෙම දූපත්වල විදුලි උත්පාදනය සඳහා ඩීසල් බලාගාර මත යැපීමට සිදුව තිබූ බවත්, මුහුදු මාර්ගයෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් එය අධික පිරිවැයක් මෙන්ම නඩත්තු කිරීමට අපහසු කාර්යයක් වූ බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
විශේෂයෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ස්වාභාවික ව්‍යසනයන් පවතින කාලවලදී මෙම දූපත්වල විදුලි සැපයුම නිතර බිඳවැටුණු බවද ඔහු සඳහන් කළේය.
“ඩීසල් බලාගාරවලින් විදුලිය නිපදවීමට යන පිරිවැය ඉතාමත් ඉහළයි. ඒ වගේම මෙවැනි හුදෙකලා දූපත්වලට ඩීසල් ප්‍රවාහනය කිරීමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. නමුත් මෙම නව පද්ධතිය මඟින් දූපත්වාසී ජනතාවට අඛණ්ඩ හා විශ්වාසදායක විදුලි සැපයුමක් ලබාදීමට අපට හැකි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
‘කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිකිරීම’ (Construction of Hybrid Renewable Energy Systems in Small Islands) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ඇමෙරිකානු ඩොලර් මිලියන 11කට ආසන්න පිරිවැයකින් ක්‍රියාත්මක වේ.
මෙහි අරමුණ වන්නේ ස්වාධීන, ප්‍රධාන විදුලි බල පද්ධතියෙන් බැහැර වූ (බලශක්ති පද්ධතියක් හරහා මෙම දූපත් තුන සඳහා තිරසාර සහ පරිසර හිතකාමී බලශක්ති විසඳුමක් ලබාදීමයි.
මෙම දෙමුහුන් ක්ෂුද්‍ර විදුලි පද්ධතිය (hybrid microgrid) මෙගාවොට් 1.7 ක සූර්ය බලශක්ති බලාගාරයකින්, කිලෝවොට් 750 ක සුළං බලශක්ති බලාගාරයකින් සහ මෙගාවොට් පැය 2.4 ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියකින් සමන්විත වේ.
විදුලි උත්පාදනය සහ ගබඩා කිරීම සමබරව පවත්වා ගනිමින් ස්ථාවර, නොකඩවා විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙහිදී උසස් බලශක්ති කළමනාකරණ පද්ධතියක් භාවිත කිරීමට නියමිතය.
පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සහ රටේ බලශක්ති ආරක්ෂාව ඉහළ නැංවීමට රජය ගන්නා පුළුල් උත්සාහයන් සඳහා මෙම ව්‍යාපෘතිය මනා දායකත්වයක් සපයන බව අමාත්‍ය කරුණාතිලක සඳහන් කළේය.
පැය 24 පුරා විදුලිය ලැබීමත් සමඟ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට, ධීවර කර්මාන්තය වැනි ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු අත්‍යවශ්‍ය මහජන සේවාවන් නංවාලීමටද හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
දූපත්වාසී ජනතාවට මෙම නව විදුලි යටිතල පහසුකම්වල ප්‍රතිලාභ හැකි ඉක්මනින් භුක්ති විඳීමට හැකි වන පරිදි, ඉතිරිව ඇති ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart