
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාර් රාජ්‍යයේ පිහිටි එරට ප්‍රධානතම ස්වාභාවික ගෑස් අපනයන පර්යන්තයක ඉරිදා රාත්‍රියේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයන් 54 දෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
පසුගිය යුද සමයේදී ඉරාන බෝම්බ ප්‍රහාරයකට ලක්ව තිබූ මෙම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට සේවකයන් උත්සාහ කරමින් සිටියදී ‘රාස් ලෆාන්’ කාර්මික කලාපයේ පිහිටි බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ මෙම අනතුර සිදුව ඇති බව කටාර්හි රාජ්‍ය සතු ‘කටාර් එනර්ජි’ සමාගම තහවුරු කරයි.
ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් කටාර් රාජ්‍යය සිය නිෂ්පාදන තාවකාලිකව නතර කර තිබූ අතර, යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා අතරතුර ඉරානය එම අවහිරතා ලිහිල් කිරීමත් සමඟ කටාර් බලධාරීන් මෙම පර්යන්තය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි.
දෛනිකව ගෑස් ඝන අඩි බිලියන 1.4ක ධාරිතාවයකින් යුත් මෙම බර්සාන් බලාගාරය කටාර්හි දේශීය විදුලි උත්පාදනයට සහ මුහුදු ජලය මිරිදිය කිරීමේ ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍යම මධ්‍යස්ථානයකි.
බලාගාරයේ අයිතියෙන් බහුතරය කටාර් රජය සතු වන අතර කුඩා කොටසක් ‘එක්සන් මොබිල්’ සමාගම සතුවේ.
මෙයින් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ලෝකයේ ප්‍රමුඛතම ගෑස් නිෂ්පාදකයකු වන කටාර්හි සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළ තුළ නැවතත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart