
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වැනි පොසොන් මහා පෙරහැර සඳහා රැගෙන ආ ඇතෙකු කුපිත වී සිදුකළ පහරදීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා යන දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රක්වාන පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී පැවැති පෙරහැර මංගල්‍යයෙන් අනතුරුව, උත්සවයට සහභාගි කරවූ ඇතන් දෙදෙනෙකු විහාරස්ථානය අසල ගැටගසා තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අද (සඳුදා) උදෑසන කාලයේදී ඇත්ගොව්වාගේ සහායකයා විසින් ඉන් එක් ඇතකුට ජලය ලබාදීම සඳහා රක්වාන ගඟ වෙත රැගෙන ගොස් ඇත.
එහිදී ඇතා හදිසියේම කුපිත වී සහායකයා වෙත දරුණු ලෙස පහර දී තිබේ.
සහායකයාගේ මරණ බියෙන් නැඟුණු කෑගැසීම ඇසී ඒ අසල සිටි ඇත්ගොව්වා වහාම ඔහුව බේරාගැනීම සඳහා එම ස්ථානයට දිවවිත් ඇත.
කෙසේවෙතත්, වියරු වැටී සිටි ඇතා ඇත්ගොව්වාට ද එම ස්ථානයේදීම පහර දී ඇති අතර, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා සහ සහායකයා යන දෙදෙනාම සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
පහරදීමෙන් අනතුරුව ඇතා විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායක් දෙසට පැනගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, නිර්වින්දන විදීම් සිදුකර සතාව පාලනය කර අල්ලා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටි බව වාර්තා විය.
රක්වාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart