
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් මැච් එකක් බලන ගමන්, එහෙමත් නැත්නම් වීකෙන්ඩ් එකේ පවුලේ අයත් එක්ක රස කර කර පීසා කන Pizza Hut එක ඇතුළේ ලොකු පෙරළියක් වෙන්න යනවා කියලා බිස්නස් ලෝකයෙන් ආරංචියක් ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් මේක කන බොන කෑම ගැන නෙවෙයි, පිත්සා හට් එක අයිති ලොක්කන්ගේ පුටු මාරුවක් ගැනයි.
ශ්‍රී ලංකාවේ පිත්සා හට් සහ ටැකෝ බෙල් (Taco Bell) බ්‍රෑන්ඩ්ස්වල එකම අයිතිකාරයා (Sole Franchisee) වෙන්නේ ‘ගැමා පිත්සාක්‍රාෆ්ට් ලංකා’ (Gamma Pizzakraft Lanka) සමාගමයි. මේ සමාගම අයිති ඉන්දියාවේ ‘සැෆයර් ෆුඩ්ස්’ (Sapphire Foods India) කියන දැවැන්ත සමාගමට. ආරංචියේ හැටියට, මේ සැෆයර් ෆුඩ්ස් සමාගම, ඉන්දියාවේ KFC සහ පීසා හට් දුවවන අනෙක් ලොකුම සමාගම වෙන ‘දේව්යානි ඉන්ටර්නැෂනල්’ (Devyani International) එකත් එක්ක එකතු වෙන්න සේරම ලෑස්ති කරලාලු. මේ ගනුදෙනුව මාස කිහිපයකින් නීත්‍යානුකූලව ඉවර වුණාම, ලංකාවේ තියෙන Pizza Hut රෙස්ටුරන්ට් 136 ම පාලනය කෙළින්ම දේව්යානි සමාගම අතට යනවා. කොටස් හුවමාරු ක්‍රමයට සිද්ධවෙන මේ ඩීල් එකේදී සැෆයර් සමාගමේ කොටස් 100කට දේව්යානි සමාගමේ කොටස් 177ක් බැගින් හුවමාරු වෙන්නයි නියමිත.
මේ අස්සේ ඇමෙරිකාවෙන් තවත් සුපිරි නිව්ස් එකක් ආවා. ඒ තමයි, මේ හැම බ්‍රෑන්ඩ් එකකම ලෝක මව් සමාගම වෙන ඇමෙරිකාවේ සුපිරි ‘යම් බ්‍රෑන්ඩ්ස්’ (Yum! Brands, Inc.) සමාගම, තමන් සතු Pizza Hut ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දැවැන්ත මුදලකට ‘ලෝන්ඩ්‍රේන්ජ් කැපිටල්’ (LongRange Capital) කියන පෞද්ගලික සමාගමට විකුණලා දමන්න ගිවිසුම් ගහලා තියෙන එක. ඒ කියන්නේ ලෝක මට්ටමෙන්ම Pizza Hut එකේ අයිතිය වෙනස් වෙනවා.
හැබැයි ඉන්දියාවේ පිත්සා බිස්නස් එක ටිකක් අමාරු වුණත්, ලංකාවේ මාර්කට් එක ගැන නම් සැෆයර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජේ පුරෝහිත් හළින්ම කතා කරලා තියෙනවා. ලංකාවේ කරන්ට් කැපිලි, බඩු මිල වැඩිවීම් තිබුණත්, අපේ අය Pizza කන එක නතර කරලා නැහැ. පසුගිය කාලේ අපේ රටේ Pizza Hut ආදායම රුපියල්වලින් 15%කින්ම වැඩිවෙලා. ඒ විතරක් නෙවෙයි, පසුගිය අවුරුදු 3 ඇතුළත වැඩිම රෙස්ටුරන්ට් ගණනක්, ඒ කියන්නේ අලුත් කඩවල් 9ක්ම ලංකාවේ විවෘත කරලා තියෙනවා.
ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ලංකාවේ තවත් Pizza Hut ශාඛා විශාල සංඛ්‍යාවක් අලුතින් අරින්නයි මේ කට්ටිය ලෑස්ති වෙන්නේ. අයිතිකාරයෝ මාරුවුණත්, ලංකාවේ Pizza බිස්නස් එක නම් තව තවත් සරු වෙන පාටක් තමයි පේන්න තියෙන්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart