June 21, 2026
හැරී කුමාරයා සහ මේගන් මාකල් තමන්ගේ දරුවන් වන ආචි (7) සහ ලිලිබෙට් (5) එක්ක ලබන මාසයේ බ්රිතාන්යයට එන්න සූදානම් වෙනවා.
මේක ඔවුන් මුළු පවුලම පිටින් අවුරුදු හතරකට පස්සේ එංගලන්තයට එන පළමු වතාවයි.
ආරංචි මාර්ග කියන විදිහට, මේ ගමනේදී නවාතැන් ගන්න රාජකීය මාළිගාවකින්ම ඔවුන්ට ඉඩක් වෙන්කරලා දීලා තියෙනවා. හැබැයි හැරී සහ මේගන් තවමත් ඒකට කැමැත්ත දීලා නැහැලු. මීට කලින් බකින්හැම් මාළිගාවේ නවාතැන් ගන්න දීපු අවස්ථාවලදීත් ආරක්ෂක හේතූන් මත හැරී ඒක ප්රතික්ෂේප කරලා තිබුණා.
ලබන අවුරුද්දේ බර්මින්හැම්වල පැවැත්වෙන ‘ඉන්වික්ටස් ගේම්ස්’ (Invictus Games) තරඟාවලියේ ප්රවර්ධන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්න තමයි හැරී මේ එන්නේ. කොහොම වුණත්, මේ ගමනේදී චාල්ස් රජතුමා තමන්ගේ මුණුපුරන්ව දකින්න ලොකු ආසාවකින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මොකද රජතුමා මේ දරුවන්ව අන්තිමට දැක්කේ 2022දී නිසා.
රජ පවුල සමඟ තියෙන අමනාපකම් අමතක කරලා ‘සමඟි වෙන්න’ තමන්ට උවමනා බව හැරී මීට පෙර පවසා තිබුණා. ඉතින් මේ පවුලේ එකතුවීම කොයි වගේ වෙයිද කියලා මුළු ලෝකයම දැන් බලාගෙන ඉන්නවා. හැබැයි බකින්හැම් මාළිගාව නම් කියන්නේ “මේක රජ පවුලේ පෞද්ගලික කාරණයක්” කියලා විතරයි.