
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ගාලු මුවදොර පිට්ටනිය එකම නාට්‍ය සාගරයක් කරපු අපූරු සිද්ධියක් අද (ඉරිදා) වාර්තා වුණා. ලංකාවෙයි ඉන්දියාවෙයි ඉන්න ලස්සන භරතනාට්‍ය නර්තන ශිල්පිනියන් සහ ශිල්පීන් 5,000 කට වඩා වැඩි පිරිසක් එකම තැනකට එකතු වෙලා පිස්සු හැදෙන වැඩක් කරලා තියෙනවා.
වැඩේ වෙන මුකුත් නෙවෙයි, ලෝකයේ මෙතෙක් පැවැත්වුණු ‘විශාලතම භරතනාට්‍ය පාඩම’ (Largest Bharatanatyam Lesson) වෙනුවෙන් නව ගිනස් ලෝක වාර්තාවක් තමන්ගේ නමට ලියාගන්නයි මේ සේරම එකතු වෙලා තියෙන්නේ.
ලංකා-ඉන්දු සංස්කෘතික යාදින්නක් වගේ පැවැත්වුණු මේ දැවැන්ත නර්තන සංදර්ශනය අවසානයේදී, බලාපොරොත්තු වුණු විදිහටම ගිනස් වාර්තාව තබන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවා. වැඩේ ඉවර වුණු ගමන්ම ගිනස් කමිටුවේ නිලධාරීන් විසින් මේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් පිරිනමන නිල සහතිකයත් නර්තන කණ්ඩායම වෙත එතැනදීම පිරිනමලා තියෙනවා.
කොහොම වුණත් එකම ඇඳුමින් සැරසුණු දහස් ගණනක් නර්තන ශිල්පීන් ගාලු මුවදොර මුහුදු හුළඟ මැද එකම තාලෙකට නටපු ලස්සන බලන්න අද කොළඹට සෑහෙන්න සෙනඟක් ඇදලා ඇවිත් හිටියා කියලා තමයි ආරංචිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart