
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැරණියගල, හම්බානවල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ, හම්බානවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසී මෙම වැටලීම සිදුකර ඇති බවයි.
එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල සහ දැරණියගල රෝහල් වෙත ඇතුළත් කර ඇත.
පොලිස් රාජකාරියට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙවැනි බාධා කිරීම් හමුවේ තම මෙහෙයුම් කිසිසේත් නතර නොකරන බවත්, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීම සඳහා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් පොලිසිය අවධාරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart