
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුළු මහත් ලෝකයම කම්පා කරවන අතිශය බිහිසුණු පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා. ඒ, එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ සත්වෝද්‍යානයක සිටි අවුරුදු 3ක කුඩා පිරිමි දරුවකුව, එහි සිටි කිඹුලන් සහ ඇලිගේටරයන් සිටින කූඩුවට ඇද දමා ඝාතනය කිරීමට තැත්කිරීමේ පුවතක්.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පොලිසිය, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව මත 30 හැවිරිදි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වඩාත්ම කනගාටුදායක සහ පුදුමසහගත කරුණ වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මේ අහිංසක දරුවා අතර කිසිදු නෑදෑකමක් හෝ සම්බන්ධතාවක් නොමැති වීමයි.
පොලිස් වාර්තාවලට අනුව දහවල් 1.24 ට පමණ ලැබුණු හදිසි ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සත්වෝද්‍යානයට ළඟා වී තිබෙනවා. ඒ වන විටත් කිඹුල් කූඩුව ඇතුළත වැටී සිටි දරුවාව දැඩි පරිශ්‍රමයකින් බේරාගෙන වහාම රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. බරපතළ තුවාල ලබා සිටින මේ පුංචි දරුවා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් පසුවනවා.
මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ දරුවාට සහ පවුලේ අයට ගරුකිරීමක් වශයෙන් කිඹුලන් සිටින ‘ට්‍රොපිකල් හවුස්’ කොටස නැවත දැනුම් දෙනතුරු වසා තබන බවයි.
මෙවැනි සාහසික අපරාධයක් කිරීමට හේතුව කුමක්ද යන්න සෙවීම සඳහා බ්‍රිතාන්‍ය පොලිසිය සහ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මුළු රටම මේ වන විට මේ අහිංසක සිඟිත්තාගේ ජීවිතය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් සිටිනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart