
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජව පෙනීසිටිමින් පුද්ගලයන් රවටා රුපියල් මිලියන 60කට (කෝටි 6කට) ආසන්න මුදලක් වංචා කළ බව කියන 53 හැවිරිදි කාන්තාවක් හොරණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර ගිරිිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තාවකාලිකව කුලියට ගෙන පදිංචිව සිටි, අවිවාහක කාන්තාවක වන මෙම සැකකාරිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව සැකකාරිය මහජන විශ්වාසය දිනාගැනීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ගෙන, ඒවායේ වෛද්‍ය ලාංඡන ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශ කිහිපයක නොමිලේ වෛද්‍ය සායන පවත්වා තිබේ.
විවිධ රෝගාබාධ සඳහා තමන් විදේශයන්ගෙන් විශේෂ ඖෂධ ආනයනය කරන බවට ඇය රෝගීන්ට පවසා ඇතත්, ඇය විසින් ලබා දී ඇති ඖෂධ ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අනුමැතිය නොලත්, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ වර්ග බව විමර්ශනවලදී හෙළි වී ඇත.
තමන් ආනයනය කළ ඖෂධ තොගයක් කොළඹ වරායට පැමිණ ඇති බවත්, ඒවා නිදහස් කරගැනීම සඳහා මුදල් අවශ්‍ය බවත් පවසමින් ඇය පුද්ගලයන් රවටා තිබේ.
පසුව එම මුදල් නැවත ගෙවන බවට පොරොන්දු වෙමින්, වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 60කට ආසන්න මුදලක් එකතු කර ඇති බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
පොලිසියට ලැබී ඇති පැමිණිලිවලට අනුව, සැකකාරිය ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල මහජනතාවගෙන් පමණක් නොව, එම ප්‍රදේශවල පිහිටි ප්‍රමුඛ පෙළේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන්ගෙන් ද මෙලෙස මුදල් වංචා කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් පොලිසිය සිදුකළ විමසීම්වලදී, මෙම කාන්තාව එම කිසිදු ආයතනයක ලියාපදිංචි වී නොමැති බවත්, ඇය වෛද්‍යවරියක ලෙස ව්‍යාජ පෙනීසිටීමක් සිදුකර ඇති බවත් තහවුරු වී ඇත.
සැකකාරියගේ නමින් ව්‍යාජ සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම වංචාවෙන් උපයාගත් මුදල්, භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් විදේශ ව්‍යවහාර මුදල් බවට පත්කර විදේශ රටවලට ප්‍රේෂණය කර ඇත්ද යන්න පිළිබඳව ද පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
හොරණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart