
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි අතර නිල ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.
ඉතාලියේ පැවැත්වෙනG7 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි මාර්ග පිළිබඳව නායකයන් දෙපළ ඉතා සාර්ථක ලෙස සාකච්ඡා කළහ.
මීට අමතරව, යුක්රේනයේ පවතින වත්මන් තත්ත්වය මෙන්ම ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ඉදිරි ‘සාම සමුළුව’ පිළිබඳවද ඔවුහු අදහස් හුවමාරු කරගත්හ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, පවතින ගැටුම්කාරී තත්ත්වයන් සාකච්ඡා මාර්ගයෙන් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා මඟින් සාමකාමීව විසඳා ගැනීමට ඉන්දියාව සැමවිටම දිරිගන්වන බවයි.
එමෙන්ම යුක්රේන අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම වෙනුවෙන් තම රටට කළ හැකි උපරිම අයුරින් අඛණ්ඩව සහාය දක්වන බවද ඔහු නැවත වරක් සහතික විය.
ඉදිරියටත් දෙරටේ නායකයින් අතර පවතින මෙම සන්නිවේදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart