
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව දැනටමත් ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග භාවිත කරමින් පවතින බැවින් මේ මොහොතේ දේශීය ඉන්ධන මිල අඩු කිරීමට රජයට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අද (17) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, දැනට ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරනු ලබන්නේ මීට මාස කිහිපයකට පෙර සැලකිය යුතු ඉහළ මිලකට ආනයනය කරන ලද ඉන්ධන බවයි.
“එලෙස ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග පවතින තාක් කල්, දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල අඩුකිරීමට හැකියාවක් නැහැ” යැයි ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, දැනට පවතින ඉන්ධන තොග අවසන් වී, අඩු මිලට ඇණවුම් කළ නව ඉන්ධන තොග දිවයිනට පැමිණීම ආරම්භ වූ පසු ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට හැකිවනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෑතකදීම මෙරටට පැමිණි ඉන්ධන නැව් තොග අඩු මිලට ලබාගත් ඒවාද යන්න පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය අනිල් ජයන්ත කියාසිටියේ, ලෝක වෙළඳපොළේ අඩු මිලෙහි වාසිය ජනතාවට ලබාදීමට පෙර, පැරණි ඉහළ මිල ගණන් යටතේ ඇණවුම් කර මෙරටට ගෙන්වා ඇති ඉන්ධන පරිභෝජනය කර අවසන් කළ යුතු බවයි.
“අඩු මිලට ලබාගත් ඉන්ධන පාරිභෝගිකයා වෙත ලැබීමට තවත් යම් කාලයක් ගතවෙයි. මිල ගණන් පහළ යනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එය සිදු වූ විට දැනට ලබාදී ඇති සහන එලෙසම පවත්වාගෙන යනවාද නැතහොත් ඉන්ධන මිල තවදුරටත් අඩු කරනවාද යන්න පිළිබඳව අප සලකා බලනවා” යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart