June 17, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය.

දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.

වාර්තාවලට අනුව, ඔහු ඊයේ (16) දින කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතව තිබුණද, එදින පවතින අධිකරණ නඩුවක් හේතුවෙන් තමන්ට පැමිණීමට නොහැකි බව ලිපියක් මඟින් කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබිණි.