
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්‍රසිද්ධ Fast-food දැවැන්තයෙකු වන Yum! Brands සමාගම, ලොව පුරා අතිශය ජනප්‍රිය Pizza Hut සන්නාමය ඇමරිකානු ඩොලර් බිලියන 2.7කට (පවුම් බිලියන 2ක්) විකුණා දැමීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පසුගිය කාලය පුරාම පීසා හට් සමාගම මුහුණ දුන් දැඩි මූල්‍ය අර්බුද සහ ලාභය පහත වැටීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මහා පරිමාණ විකිණීම කොටස් දෙකකින් සිදුවනවා.
එනම්, චීනයෙන් පිටත සියලුම මෙහෙයුම් LongRange Capital නම් පෞද්ගලික කොටස් අරමුදල් සමාගමක් විසින් ඩොලර් බිලියන 1.5කට මිලදී ගනු ලබනවා.
එසේම චීනය තුළ මෙහෙයුම්: Yum China Holdings සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට මිලදී ගැනීමට නියමිතයි.
“LongRange සහ Yum China යටතේ පීසා හට් සන්නාමයට සුපිරි අනාගතයක් තියේවි. මොකද ඔවුන්ට මේ ක්ෂේත්‍රය ගැන ලොකු පළපුරුද්දක් තියෙනවා,” යැයි Yum! Brands හි ප්‍රධාන විධායක ක්‍රිස් ටර්නර් පවසා තිබෙනවා.
ලෝකෙම පීසා රස කරපු පීසා හට් එකට මෙහෙම වුණේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක් ඇති. ඇමරිකාවේ ආර්ථික උද්ධමනය හමුවේ පාරිභෝගිකයින් මිල අඩු විකල්ප සෙවීම මීට ප්‍රධාන හේතුවක්.
තරඟකරුවන්ගෙන් එල්ල වූ ‘පීසා යුද්ධය’ නිසා Domino’s, Papa John’s, සහ Little Caesars වැනි ප්‍රතිවාදී සමාගම් මෙන්ම කුඩා මට්ටමේ පීසා සමාගම්ද සුපිරි වට්ටම් දෙමින් පාරිභෝගිකයින් තමන් සතු කරගෙන තිබෙනවා.
එසේම Uber Eats, DoorDash වැනි තෙවැනි පාර්ශවීය ආහාර බෙදාහැරීමේ ඇප්ස් නිසා වෙළඳපොළට අලුත් විකල්ප දහස් ගණනක් එකතු වීමත් සමඟ පීසා හට් සතු වූ ඒකාධිකාරය බිඳවැටුණා.
පසුගිය වසරේ (2025) ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍යයේ පීසා හට් අවන්හල් පවත්වාගෙන ගිය සමාගම බංකොලොත් වීම නිසා එරට අවන්හල් 68ක් වැසීයෑමේ සහ රැකියා 1,200ක් අහිමිවීමේ අවදානමක් මතුවුණා. පසුව Yum! Brands සමාගම මැදිහත් වී ඉන් අවන්හල් 64ක් බේරාගැනීමට කටයුතු කළා.
1958 දී කැන්සාස් ප්‍රාන්තයේ සහෝදරයන් දෙදෙනෙකුගේ අපූරු අදහසකින් ආරම්භ වූ Pizza Hut, 1977 දී PepsiCo සමාගම විසින් මිලදී ගත් අතර, පසුව 1997 දී එය Yum! Brands යටතට පත්වුණා.
පීසා හට් විකුණා දැමීමෙන් පසු Yum! Brands සමාගම තමන් සතු අනෙක් ප්‍රධාන සන්නාමයන් වන KFC සහ Taco Bell කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කර තිබෙනවා. මෙම විකිණීමේ කටයුතු 2026 වසරේ තෙවන කාර්තුව වන විට සම්පූර්ණයෙන් අවසන් වීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart