
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙතෙක් වාර්තා වූ විශාලතම පෙරළියක් සනිටුහන් කරමින්, ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම ගෝල රහිතව (0-0) සම තත්ත්වයෙන් නවතාලීමට ලෝක කුසලාන තරගාවලියකට ප්‍රථම වතාවට සුදුසුකම් ලැබූ ‘කේප් වර්ඩ්’ (Cape Verde) දූපත් රාජ්‍යය සමත් විය.
ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවැති H කාණ්ඩයේ මෙම තරගය පාපන්දු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීය.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ පසුවන, වත්මන් යුරෝපා ශූර ස්පාඤ්ඤය හමුවේ 67 වැනි ස්ථානයේ පසුවන කේප් වර්ඩ් කණ්ඩායම පහසුවෙන්ම පරාජය වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. කේප් වර්ඩ් යනු ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ජනගහනය අතින් ලොව 3 වැනි කුඩාම රටයි. එහෙත්, ස්පාඤ්ඤයේ ප්‍රබල ආක්‍රමණය හමුවේ නොසැලී සිටීමට මෙම අප්‍රිකානු ‘නිල් මෝරු’ (Blue Sharks) සමත් වූහ.
කේප් වර්ඩ් කණ්ඩායමේ මෙම ඓතිහාසික තරගයේ ප්‍රධානතම වීරයා බවට පත් වූයේ ඔවුන්ගේ 40 හැවිරිදි ප්‍රවීණ ගෝල් රකින්නා වන වොසින්හා ය. පෘතුගාලයේ දෙවන පෙළ කණ්ඩායමකට ක්‍රීඩා කරන ඔහු, ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩකයින් එල්ල කළ දරුණු ප්‍රහාර රැසක් අතිවිශිෂ්ට ලෙස ව්‍යර්ථ කර දැමුවේය. පළමු අර්ධයේදී ස්පාඤ්ඤයේ ෆෙරන් ටොරස් එල්ල කළ ප්‍රහාරයක් වොසින්හාගේ වැළැක්වීම හමුවේ ගෝල් කණුවේ වැදී ඉවතට ගියේය. තරගය පුරා ස්පාඤ්ඤය ගෝල ඉලක්ක කර ප්‍රහාර 27ක් එල්ල කළ ද, ඉන් ඉලක්කගත වූ ප්‍රහාර 7ම රැක ගැනීමට වොසින්හා සමත් විය. තරගය නිමා වන විස්ල් හඬත් සමඟ ඔහු හැඟීම්බරව හඬාවැටෙද්දී සෙසු ක්‍රීඩකයෝ ඔහුව වැළඳ ගනිමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.
මාංශ පේශි ආබාධයකින් සති 8කට පසු සුවය ලැබූ බාර්සිලෝනාහි නව යොවුන් සුපිරි තරුව වන ලැමින් යමාල් දෙවැනි අර්ධයේදී ආදේශක ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසියේය. ඔහුගේ පැමිණීමත් සමඟ ස්පාඤ්ඤ ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්වුවද, කේප් වර්ඩ් ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔහුට ද නොහැකි විය.
තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී මිකෙල් ඔයාර්සබල් එල්ල කළ තීරණාත්මක ප්‍රහාරයක් කේප් වර්ඩ් පසුපෙළ ක්‍රීඩක රොබර්ටෝ ලෝපෙස් විසින් අපූරුවට අවහිර කරන ලදී. එපමණක් නොව, අවසන් මොහොතේදී කේප් වර්ඩ් ක්‍රීඩක ඩිනී බෝර්ජස් හිසෙන් එල්ල කල පහරක් ස්පාඤ්ඤ ගෝල් රකින්නා වන උනායි සීමොන් රැක නොගත්තේ නම්, ස්පාඤ්ඤයට දරුණු පරාජයකට පවා මුහුණදීමට සිදුවන්නට ඉඩ තිබිණි.
ලෝක කුසලාන මංගල තරගවලදී ස්පාඤ්ඤය මෙවැනි පසුබෑමකට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2010 ලෝක කුසලානයේ පළමු තරගයෙන් ස්විට්සර්ලන්තය හමුවේ 1-0ක් ලෙස පරාජය වුවද, පසුව ඔවුන් ලෝක ශූරතාවය දිනාගත්තේය. එහෙත් 2014 ලෝක කුසලානයේ පළමු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ 5-1ක දරුණු පරාජයක් ලැබු ස්පාඤ්ඤය මූලික වටයෙන්ම ඉවතට ගියේය.
කෙසේවෙතත් මෙවර ස්පාඤ්ඤයට ආදර්ශයක් ගත හැක්කේ පසුගිය වර ශූරයන් වූ ආර්ජන්ටිනාවෙනි. ඔවුන් ද සිය පළමු තරගයෙන් සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වුවද, අවසානයේ ලෝක ශූරයෝ වූහ.
මෙම වටිනා ප්‍රසාද ලකුණත් සමඟින්, 2006 වසරේ ඝානා රාජ්‍යයට පසුව මංගල තරගාවලියේදීම ලෝක කුසලාන මූලික වටය පසුකර ඉදිරියට යන පළමු අප්‍රිකානු කණ්ඩායම වීමේ දැඩි විශ්වාසය කේප් වර්ඩ් රාජ්‍යය සතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart